iranama
අජීවී ග්‍රහ වස්තූවලින්
සජීවි මිනිසුන්ට අපල කළ හැකිද?
සජීවි මිනිසුන්ට අජීවී ග්‍රහ වස්තූවකින් අපල සිදු වෙනවා යෑයි කීම තර්කයට එක`ග නොවේ. එසේනම් ගේ දොර, ගස් ගල්, පර්වතවලින්ද සුබ පල හෝ අපල සිදුවිය යුතු නොවේද? අනෙක් අතට පෘථිවියට බොහෝ ඈතින්, සමහරවිට ආලෝක වර්ෂ ගණන්වලින් මැනිය යුතු තරම් දුරකින් පිහිටන තාරකා මිනිසුන්ට අපල කරනවා යෑයි කීම පිළිගත හැකිද?
පාප ග්‍රහයන් වශයෙන් හඳුන්වන සෙනසුරු නැතිනම් අ`ගහරු පව් හෝ පින් කරන්නේ කෙසේද? සෙනසුරු යන ග්‍රහයා කර ඇති පව කුමක්ද? නැතිනම් බොහෝ සුබපල දෙනවා යෑයි කියන බ්රහස්පතී නැතිනම් ගුරු කර ඇති පින කුමක් ද? ග්‍රහයින් පාප හෝ සුබ වශයෙන් නම් කරන්නේ ඇයි?
කකුල ආබාධයට පත්වූ රණවිරුවකු මට කීවේ සෙනසුරු අපල කාලයේ කකුල බිඳී ගිය බවයි. සෙනසුරා කකුල කඩනවා නේද? යෑයි ඔහු පැවසීය. නිසි කලට විවාහ වීමට නොහැකි වූ තරුණ තරුණියන්ට තවමත් සිකුරු ලබල නෑ වගේ කියනු ඇසේ. සෙනසුරු කකුල කඩන්නේත්, සිකුරු විවාහ කරවන්නේත් කෙසේද? මෙය තර්කානුකූලද?
ජ්‍යෙdතිෂය අනුව අනාවැකි කීම, භාෂාවක් පරිවර්තනය කිරීමට සමානය. කේන්ද්‍ර පරීක්ෂාවක් කර ඔබේ අනාගත සිදුවීම් පැවසීමට භාවිත කරන හඳහනේ එම සිදුවීම් කිසිවක් ලියා නැත. ඒ වෙනුවට ඇත්තේ ඔබ උපන් වේලාවේ අහසේ ගමන් කරමින් තිබු ග්‍රහ තාරකාවන් ගේ සටහනක් පමණි. රවි, චන්ද්‍ර ආදී ග්‍රහයන්ගේ නම් හා ඒ ඒ ග්‍රහයන් ගමන් කළ මේෂ, වෘෂභ, මිථුන ආදි රාශීන්ද නැකත් තරු ආදි විස්තරද සඳහන් කරන බැවින්
සඳහන යන වචනයෙන් බිඳී හඳහන යන වචනය සෑදී ඇති බවද කියෑවේ.
එසේ ග්‍රහ තාරකාවලට සම්බන්ධ වචන දෙස බලා අනාවැකි කීම යනු භාෂාවක් පරිවර්තනය කිරීමට සමාන යෑයි කියන්නේ එබැවිනි. එහෙත් එසේ අනාවැකි කියන විට හෝ ලියන විට භාවිතා කරන වචන නිසා ජ්‍යෙdaතිෂය පිළිබඳව බොහෝ දුර්මත හා වැරැදි වැටහීම් ඇතිවී තිබේ. සූර්ය දිව්‍යරාජයා, රාහු අසුරේන්ද්රයා, හෙනහුරා වැනි වචන නිසා ග්‍රහයන් දෙවිවරුන් ලෙස සැලකීම එවැනි වැරැදි වැටහීමකි. එමෙන්ම සෙනසුරු දුක දෙනවා. ගුරු ධනය දෙනවා. රාහු ඇවිද්දවනවා, වැනි ප්‍රකාශන නිසාද ග්‍රහයන් දුක හෝ සැප දෙන බවක් කියෑවේ. මෙවැනි ප්රකාශනවලට සවන් දෙන බොහෝ උගතුන්ද විද්‍යාව හදාරන ශිෂ්‍යයන්ද ජ්‍යෙdතිෂය මිථ්‍යා මතයක් ලෙස බැහැර කිරීමට පෙළඹීම පුදුමයක් නොවේ. මේ පිළිබඳව ස්කන්ධ පුරාණය නම් මූලික පැරණි ග්‍රන්ථය උපුටා දක්වන දශා ප්රදීපයේ සඳහන් වන්නේ "ග්‍රහ අපල වනාහී මනුෂ්‍යයාගේ පූර්ව කර්ම විපාකයම වේ" යනුවෙනි.
යම් දෙයක් ඉගැන්වීමේදී වචන රාශියකින් දීර්ඝ ලෙස විස්තර කරනවාට වඩා සටහනකින් පෙන්වීම මගින් අවබෝධ කරදීම පහසුය. එබැවින් පුරාණ Rෂිවරු විසින් ග්‍රහයන් පිළිබඳ විස්තර කරන විට දේව රූප මගින් එම පැහැදිලි කිරීම් කර තිබේ. මේ හැර ග්‍රහයන් යනු දෙවියන්, අසුරයන් හෝ වෙනත් සත්වයෙකු නොවන බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය.
ජ්‍යෙdතිෂ ශාස්ත්රයේ දී හඳහන යනු පෙර කර්ම ගැන විස්තර කරන සටහනකි. යම් පුද්ගලයෙකු මෙලොව උපදින විට ඊට හේතු වන්නේ කර්ම විපාකයකි. ඒ උපත ලබාදුන් ජනක කර්මය හා අනෙකුත් කර්ම විපාක දෙන ආකාරය හා ඒ ඒ කාලයට ග්‍රහ තාරකා පිහිටන ආකාරයන් අතර සුවිශේෂ සම්බන්ධයක් තිබේ. ග්රහයෙකු උපතේදී හා මේ කාලයේදී පවතින තත්ත්වය මත ගතවන්නේ පින් පලදෙන කාලයක්ද නැතහොත් පව් පලදෙන කාලයක් දැයි උගත් ජ්‍යෙdතිෂ් ශාස්ත්‍රඥයකුට කිව හැකිය. අනාවැකි කීමේ පදනම මෙයය.
මේ හැර කිලෝමීටර් ලක්ෂ, කෝටි ගණන් ඈත අහසේ පිහිටි ග්‍රහයන් විසින් මිනිසුන්ට අපල කරන්නේ නැත. මෝටර් රථයක වේගය එහි වේග මාපක මීටරයක් මගින් පෙන්වනවාක් මෙන් රියෑදුරු වේගය වැඩිකළා මිස මීටරය එය කළේ නැත. එහෙත් මීටරය ඒ බව හඟවයි. රතු බල්බ දැල්වී එය අනතුරු හඟවයි. එය බල්බය කළ දෙයක් නොවේ. එමෙන්ම අපල යනු ග්‍රහයන් කළ දෙයක් නොවේ.
අප විසින් පෙර ආත්මවලදී කළ අකුසල කර්මවල විපාක ග්‍රහ අපල ලෙස හැඳින්විය හැකිය. අකුසල කර්ම විපාක යටපත් කළ හැක්කේ අකුසලය හඳුනාගැනීම හා ඊට ගැළපෙන කුසල කරමින් එහි බලය මැඬපැවැත්වීම මගිනි.
මෙතැන් සිට රවි, චන්ද්‍ර ආදී ග්‍රහයන් පිළිබඳව කෙටි විස්තරයක් කරමින් ඒ ඒ ග්‍රහයින් ගේ අපල, ඊට හේතු හා ප්‍රතිකර්ම පිළිබඳව විස්තර කිරීමට අදහස් කරමු.
සූර්යයා හෙවත් රවි ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහයා වන්නේය. අනෙක් ග්‍රහයන් කැරකෙන්නේ ද රවි වටාය. එම සියලු ග්‍රහලෝක ආලෝකය ලබාගන්නේ ද රවි ගෙනි. අන් ග්‍රහයන්ට වඩා විශාල වූද බර වූද, ශක්තිමත් වූද, රවිගෙන්ම දවස උදා වන්නේය. උදෑසන හිරු පරිසරයද ප්‍රබෝධමත් කරයි. අඳුර දුරු වෙයි. හිරු සවසට බැස යන විට ඒ ගතිය දුරුවෙයි. හිරු නොදකින රාත්‍රිය කළුවරය. අන්ධකාරය. ගස් කොළං පවා රාත්‍රියට නිහ`ඩව නිදයි. ආදි මිනිසුන් සූර්යයාට වන්දනා කළේද මේ බලය නිසා විය හැක. සූර්යයා සතු මේ ගති ලක්ෂණ හොඳින් අවබෝධ කරගැනීම මගින් ඔබේ කේන්ද්‍රයේ රවිගේ බලය හා දුබල බව නිසා ඔබට ලැබෙන සියලු දේ දැනගත හැකිවන්නේ.
ඔබේ උපත සිදු වූයේ මධ්‍යහ්න කාලයේ නම් කේන්ද්‍රයේ 10 වැනි කොටුවේ රවි සටහන් වනු ඇත. ඒ රවි ඉතා බලවත්වන වේලාවයි. මෙයට දිග්බලය යෑයි කියනු ලැබේ. මේෂ රාශියේ රවි උච්ච බලය ලබයි. සිංහ රාශියේ ස්වක්ෂේත්ර නම් බලය ලැබේ. මධ්‍යම රාත්‍රියේ උපන් අයගේ රවි කේන්ද්‍රයේ 4 වැනි කොටුවේ සටහන් වනු ඇත. එය දුර්වලය. තුලා රාශියේ නම් රවි නීච නම් දුබල බවට පත්වේ.
හිරු දවාලට දෙන ඉහත උසස් ගතිගුණ හිරු බලවත් අයටද රාත්‍රියට දෙන දුබල බව කේන්ද්‍රයේ හිරු දුර්වල අයටද හිමි වේ. ඒ කර්ම විපාක වශයෙනි.
ග්‍රහ ලොව හිරු බලවත් වන්නාක් මෙන්ද අන් අයට තම ආලෝකය දෙන්නාක් මෙන්ද බුදු පසේබුදු, මහ රහත් ආදි උතුමෝද, මවුපියන්ද, සත්පුරුෂ ස්වාමිවරුන් ද ඔබගේ ජීවිතයට ආලෝකය ලබාදෙන අය වෙති. මේ උතුමන්ට ගරු කළ, උපකාර කළ, උවටැන් කළ අයගේ කේන්ද්‍රයේ රවි බලවත් වෙයි. ඒ අය සමාජයේ කැපී පෙනෙන දක්ෂතා ඇති නායකත්ව ගතිගුණ ලබන, අනුන්ගෙන් ගරු සම්මාන ලබන රාජ්‍ය තනතුරු ලබන අය වනු ඇත.
එමෙන්ම ඉහත අයට අපවාද අපහාස කළ, පහරදුන් අයගේ රවි දුර්වලව රවි අපලය උදා කරයි. මෙවැනි අය රාත්‍රී කාලයේ හිරු මෙනි. කිසිදු තේජසක් ආලෝකයක් නැත. පෞරුෂත්වයක් නැත. සභාවක කැපී පෙනෙන්නේ නැත. රවි අපලය ලබන විට තනතුරු අහිමි වෙයි. රාජ ද`ඩුවම් ලැබේ. තනතුරුවලින් පහළ වැටේ. රාජ්‍ය බලය අහිමි වේ. රජයේ සේවයක සිටී නම් ඈත පළාතකට මාරු කරයි. පියාගේ දේපළ අහිමි වේ. ඌෂ්ණාධික පරිසරවල වාසය කිරීමට සිදු වේ.
පිත්තාධික රෝග, දැවිල්ල, උණ, හිසේ අමාරු, ඇස් රෝග හටගනී. පිරිමි අයගේ දකුණු ඇසත්, ස්ත්‍රීන් ගේ වම් ඇසත් දුර්වල වේ. රැකියා කරන ස්ථානයේ ප්‍රධානියා අමනාප වෙයි.
කේන්ද්‍ර පරීක්ෂාවකින් රවි අපලය හඳුනාගත යුතුය. එවිට රවිට අදාළ ශාන්ති කර්ම කළ යුතුය. ශාන්ති කර්ම යනු කුසල කර්ම වේ. රවි හිමි ද්‍රව්‍ය දානය දීම, රවි හිමි අයට වතාවත් කිරීම හා ඒ සඳහා රවි දින, හෝරා යොදා ගැනීම මගින් අපල යටපත් වී ශුභඵල උදා කරන්නේය.
රවි අපලයක් ඇතිවිට නායකත්වය ලැබීමට බාධා ඇති කරන බැවින් දේශපාලනය කිරීම, නායකත්වය සඳහා සටන් කිරීම සුදුසු නැත. එමෙන්ම අව්වේ වැඩ කිරීම, ඌෂ්ණාධික ආහාර ගැනීම, වතුර බීම අතපසු කිරීම සුදුසු නොවන්නේය.
බුද්ධ පූජා, බෝධි පූජා තබන විට රවි දින රවි හෝරාව ශුභය. රතු නෙළුම් මල්, දාස්පෙතියා මල්, සුර්යකාන්ත මල්, වී පොරි, විළඳ මිශ්‍ර කිරි ආහාර, උක්හකුරු සමග පූජා කරන්න. ඒවා අංක 1, 10, 100 ආදි ලෙස අංක 1 වන සේ එකතුව ලැබෙන සංඛ්‍යා සුදුසුය. අභිසම්භිදාන යන්ත්‍රය පැළඳීමද සුබය.
තවද ඇස් අන්ධ අයට උපකාර කිරීම, සතුන්ට ආහාර හා වතුර බීමට දීම, පිපාසයෙන් පෙළෙන අයට සිසිල් බීම තැඹිලි ආදිය දීම, මවුපියන්ට උපස්ථාන කිරීම ශුභය.
රවි අපලය ඇතිවිට බුද්ධ පූජා, බෝධි පුජා තබා සූරිය පිරිත කියවීම මැනවි. මෙම පූජා තබා ශක්‍ර දෙවියන් ඇතුළු දෙවියන්ට පිං දීම ආදිය මගින් රවි අපලය මඟහරවාගෙන ශුභඵල උදා කරගත හැකි වන්නේය.
(මතු සම්බන්ධයි)
කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
වැඩි විස්තර සදහා - 035 2232084/ 077 1234313
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks